About Chickenpox in Sinhala

Related image
මේ දවස් වල පැතිරෙන Chickenpox එහෙම නැත්නම් පැපොල රෝගය ගැන ඔබ දැනගත යුතුම දේ
මේ රස්නෙත් එක්ක සීග්‍රයෙන් පැතිරීගෙන යන පැපොල රෝගය ගැන හරියට දැනගෙන හිටියනම් එකෙන් වැළකෙන්න පුළුවන් වෙයි. ඇත්තම මේ රෝගය මොකක්ද. මේ රෝගයට බලපාන ප්‍රධාන වෛරසය තමයි varicella zoster කියන්නේ. මේ වෛරසය ශරීරයට ඇතුළු වෙලා දවස් 10ත් 21ත් අතර තමයි මේ ලෙඩේ හැදෙන්නේ. ඇත්තමට පැපොල කියන්න ඉක්මනටම බෝ වෙන ලෙඩක්.

පැපොල රෝගයේ රෝග ලක්ෂණ

උණ සෑදීම ( සමහරුන්ට මෙම රෝග ලක්ෂණය නැති වීමටද පුළුවන )
මස්පිඩු, දණහිස් වේදනාව
කෑම අරුචිය

මේ වගේ මුලික රෝග ලක්ෂණ අවට පස්සේ වතුර බිබිලි වගේ ඒවා ඇග පුරා දාන්න පටන් ගන්නවා. ඉතින් අපි මොකක්ද කරන්න ඕනි ඒ වගේ වෙලාවකට ? කරන්න තියෙන්නේ ඉක්මනටම සුදුසුමක් ලත් වෛද්‍යවරයෙක් ගාවට යන එක. ඔහු නියම කරන බොහෙත් ඉක්මනටම ගන්න පටන් ගත්තොත් රෝගය දරුණු වෙන එක අඩු කර ගන්න පුළුවන්. ඒ එක්කම ඒ බෙහෙත් නියමිත මොහොතේම බොන්න ඕනි. ගොඩක් වෙලාවට දෙන බෙහෙතක් තමයි Aciclovir 800mg කියන Tablet එක. ඒක පැය 4.45 කට වරක් බොන්න ඕනි. නමුත් මෙහෙම කිව්වා කියල එහෙම ලෙඩේ හැදුනොත් ගිහින් අරන් බොන්න එපා. සුදුසුමක් ලත් වෛද්‍යවරයෙක් ගාවට යන්න. මේ අපි කියන්නේ මෙහෙම බෙහෙත් දැන් තියෙනවා කියල දැනුවත් කරන්න විතරයි.

ඉතින් මේ රෝගය වැළදෙන්න ඉස්සෙල්ල මොනවා හරි කරන්න පුලුවන්ද වලක්වා ගන්න ?
ඔව්. මේ රෝගය වැළදෙන්නේ නැති වෙන්න Injection එකක් තියෙනවා දැන්. ඒක ගන්න පුළුවන්. ඔයාලටත් ඕනි කියල හිතනවානම් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් ගාවට ගිහින් මේ Injection එක ලබා ගන්න පුළුවන්. හැබැයි ගර්භනී මව්වරුන්ට නම් හොද නැහැ. බබෙක් හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් අඩුම ගානේ මාස 3කට වත් ඉස්සෙල්ල මේ එන්නත ගන්න ඕනි. මේ හැමදේම කරන්න ඉස්සෙල්ල සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක්ගෙන් විස්තර දැනගන්න. මේව කියන්නේ ඔයාලට මෙහෙම දේවල් දැන් හොයාගෙන තියෙනවා කියල දැනුවත් කරන්න විතරයි.

Comments